180 ක් වෙනුවට හතර දෙනෙක්

ගාසා සටන් විරාම ගිවිසුම යටතේ අද (25) දින නිදහස් කිරීමට නියමිත ප්‍රාණ ඇපකරුවන් 04 දෙනෙකුගේ නම්, හමාස් සංවිධානය විසින් මේ වනවිට ප්‍රසිද්ධ කර තිබෙන බව වාර්තා වෙනවා.

කරීනා අරීව්, ඩැනියෙලා ගිල්බෝවා, නාමා ලෙවි සහ ලිරි ඇල්බග් යන අය මෙලෙස නිදහස් කිරීමට නියමිත අතර, ඔවුන් සියලු දෙනාම ඊශ්‍රායල සෙබළියන් බව වාර්තා වෙනවා. මෙම ප්‍රාණ ඇපකරු හුවමාරුව වෙනුවෙන් ඊශ්‍රායලය විසින්ද ඔවුන් රඳවා සිටින පලස්තීන සිරකරුවන් 180 දෙනෙකු නිදහස් කරනු ලබනවා.

පසුගිය ඉරිදා සටන් විරාමය ක්‍රියාත්මක වීමෙන් පසු ප්‍රාණ ඇපකරුවන් හුවමාරු කරගන්නා දෙවන අවස්ථාව මෙය වන අතර, පළමු හුවමාරුවේදී, ප්‍රාණ ඇපකරුවන් තිදෙනෙකු සහ සිරකරුවන් 90 දෙනෙකු නිදහස් කළ බව වාර්තා වෙනවා.

2023 ඔක්තෝබර් 7 වන දින හමාස් සංවිධානය ඊශ්‍රායලයට පහරදීමෙන් ඊශ්‍රායල ජාතිකයන් 1,200 ක් පමණ මිය ගිය අතර, තවත් 251 දෙනෙකු ඔවුන් ප්‍රාණ ඇපකරුවන් ලෙස ගාසා තීරයට රැගෙන ගොස් තිබෙනවා.

කෙසේ නමුත් හමාස් ප්‍රහාරයත් සමග ගාසා තීරයේ ආරම්භ වූ හමාස් – ඊශ්‍රායල යුද්ධයෙන් පලස්තීන ජාතිකයින් 47,200 කට වැඩි පිරිසක් මියගිය අතර, අද නිදහස් කිරීමට නියමිත ලැයිස්තුවට ඊශ්‍රායල කාන්තාවක් වන ආර්බෙල් යෙහුඩ් ඇතුළත් වනු ඇති බවට තොරතුරු වාර්තා වුවත්, ඇය පලස්තීන ඉස්ලාමීය ජිහාඩ් නම් වෙනත් කණ්ඩායමක් ඇයව රඳවාගෙන සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

කෙසේ නමුත් ඉදිරි සති පහ තුළ නිදහස් කිරීමට නියමිත ඉතිරි ප්‍රාණ ඇපකරුවන් 26 දෙනා පිළිබඳ තොරතුරු හමාස් සංවිධානය විසින් සපයනු ඇති බවට බලාපොරොත්තු වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *