1987 ට කෙටි පණිවිඩයක් එවන්න

අද 11 දිනයේත් දිවයින පුරා පැය එකයි විනාඩි තිහක කාලයක් විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතව තිබෙනවා.
කාණ්ඩ 4 ක් යටතේ මෙම විදුලි කප්පාදුව පස්වරු 3.30 සිට රාත්‍රී 10 දක්වා කාලය අතරතුර සිදුකෙරෙන බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරනවා.
ඊට අමතරව, පාරිභෝගික ගිණුම් අංකය කෙටි පණිවිඩයක් මගින් 1987 ක්ෂණික දුරකථන අංකයට යැවීමෙන් ද විදුලි කප්පාදුව සිදුවන වේලාවන් පිළිබඳ දැනගත හැකි බව ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කර සිටිනවා.
මේ අතර, නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරය ලබන සිකුරාදා වන විට ජාතික විදුලි බල පද්ධතියට සම්බන්ධ කිරීමට බලාපොරොත්තු වන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.
කඩිනමින් නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු ආරම්භ කිරීමට උත්සහ දරමින් සිටින බව එහි මාධ්‍ය ප්‍රකාශක කැලණිතිස්ස සංයුක්ත චක්‍රීය බලාගාරයේ ප්‍රධාන ඉංජිනේරු ධම්මික විමලරත්න මහතා සඳහන් කරනවා.
කෙසේ වෙතත්, අදාළ බලාගාරය ජාතික පද්ධතියට සම්බන්ධ කරන තෙක් විදුලි සැපයුමට බාධා එල්ල විය හැකි බව ධම්මික විමලරත්න මහතා වැඩිදුරටත් සඳහන් කරනවා.