පොලිස් භාරයට ගත් 1KG රත්තරං

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ජනිත් මධුසංඛ නොහොත් ,පොඩි ලැසී, සහ ඔහුගේ පවුලේ සමීපතම ඥාතීන් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ෂන වලට අදාළව, ආරක්ෂිත සේප්පුවක තිබී රන් භාණ්ඩ යැයි සැකකෙරෙන ආභරණ තොගයක් සොයාගෙන තිබෙනවා.

ඒ අනුව, මෙම සැකකරුගේ බිරිඳගේ මව වන නල්ලාහන්දි ශ්‍යාමා කුමුදුනී යන අයට අයත් අම්බලන්ගොඩ ප්‍රදේශයේ පිහිටි බැංකුවක ආරක්ෂිත සේප්පුවක තැන්පත් කර තිබූ රන් භාණ්ඩ යැයි සැකකරන ආභරණ කිලෝ 01 ග්‍රෑම් 112 ක ප්‍රමාණයක් අධිකරණයේ නියෝග ප්‍රකාරව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය භාරයට ගෙන තිබෙන බව වාර්තා වෙනවා.

මෙම ආභරණ නීතිවිරෝධී ලෙස උපයා ගන්නා ලද මුදල්වලින් මිලදී ගන්නා ලද ආභරණ ද යන්න සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මඟින් විමර්ශන කටයුතු සිදුකරනවා.

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන අරුමාහන්දි ජනිත් මධුසංඛ ද සිල්වා නොහොත් ,පොඩි ලැසී, නැමති සැකකරු සහ ඔහුගේ පවුලේ සමීපතම ඥාතීන් සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීම පනත යටතේ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් මෙලෙස විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *