සැකකරුවන් 200 න් චීනයට

චීන ජාතිකත්වය සහිත අපරාධ සැකකරුවන් 200 කින් යුත් පළමු කණ්ඩායම මියන්මාරයේ සිට චීනයට රැගෙන විත් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
චීන පොලීසිය විසින් ඊයේ 20 මියන්මාරයේ Myawaddy කලාපයේ සිට විශේෂ චීන සිවිල් ගුවන් යානා හතරකින් එම පිරි මියන්මාරයේ සිට යළි චීනයට රැගෙන විත් තිබෙනවා.
ඒ වගේම, ඉදිරි දින කිහිපය තුළ චීන ජාතිකත්වය සහිත තවත් අපරාධකරුවන් 800 කට වැඩි පිරිසක් චීනයට රැගෙන ඒමට නියමිත බව චීන මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
චීනය, මියන්මාරය සහ තායිලන්තය අතර ජාත්‍යන්තර ආරක්ෂණ සහයෝගීතාවයේ පියවරක් ලෙස මෙය ක්‍රියාත්මක වන බව එම මාධය වාර්තා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.