දවස් 28 පුහුණුවත් නොදී යවලා

පළමු වතාවට විදේශගත වන ගෘහ සේවිකාවන් සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ලබා දියයුතු නේවාසික පුහුණුව ලබා නොදී ගෘහ සේවිකාවන් ලෙස 28,165 දෙනකු විදේශගත කර තිබෙන බව වාර්තා වෙනවා.

මේ හේතුවෙන් කාර්යාංශයට පුහුණු ආදායම වශයෙන් ලැබිය යුතු රුපියල් හැටතුන්කෝටි එකොළොස්ලක්ෂ හැත්තෑහත්දහස් හයසිය පනහක (631,177,650) මුදලක් ද අහිමි වී ඇති බව අනාවරණය වී තිබෙනවා.

විදේශ සේවා නියුක්ති කාර්යංශයේ චක්‍රලේඛවලට අනුව පළමු වතාවට විදේශගත වන ගෘහ සේවිකාවන්ගෙන් රුපියල් 22,410 ක ගාස්තුවක් අය කර දින 28 ක නේවාසික පුහුණුවක් ලබාදිය යුතුයි.

2023 වර්ෂයේ ජනවාරි මස සිට 2024 වර්ෂයේ මැයි මස 29 වැනිදා දක්වා කාලයේ දී පසුගිය මාස 17ක කාලයේ දී විදේශගත වූ මෙම ගෘහසේවිකාවන් සඳහා නේවාසික පුහුණුවක් ලබා නොදී විදේශ ගතකොට තිබුණු බව සඳහන් වෙනවා.

එම කාර්යාංශය සම්බන්ධයෙන් 2023 වර්ෂයට අදාළව නිකුත් කර ඇති විගණන වාර්තාව මගින් මේ බව අනාවරණය කර තිබෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *