දවස් 3 ක ඩෙංගු මර්දන වැඩසටහන්

අද (27) සිට දින 3 ක්, දිස්ත්‍රික්ක 8 ක විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා. එම දිස්ත්‍රික්ක වන්නේ කොළඹ, ගම්පහ, කළුතර, රත්නපුර, මඩකලපුව, ත්‍රිකුණාමලය, මාතලේ සහ මාතරයි.
පවතින කඩින්කඩ වර්ෂාව හේතුවෙන් ඩෙංගු යළි ව්‍යාප්ත වීමේ අවධානමක් මතුව ඇති බව, ජාතික ඩෙංගු මර්දන ඒකකය පෙන්වා දෙන අතර, මෙම අවධානම් තත්ත්වය සැලකිල්ලට ගෙන, විශේෂ මදුරු මර්දන වැඩසටහන ලබන 29 වැනිදා දක්වා ක්‍රියාත්මක බව ජාතික ඩෙංගු
මර්දන ඒකකය වැඩිදුරටත් සඳහන් කරනවා.
නිවාස, පාසල්, වැඩබිම්, කර්මාන්ත ශාලා, ආගමික ස්ථාන සහ පොදු ස්ථාන එහිදී පරික්ෂා කිරීමට නියමිත බව සඳහන් වන අතර, සිය පරිශ්‍ර තුළ මදුරුවන් බෝ වන තැන් විනාශ කරන ලෙස සෞඛ්‍ය අංශ විසින් ජනතාවට දැනුම් දෙනවා.
වසරේ මේ දක්වා කාලය තුළ වාර්තාවී ඇති ඩෙංගු රෝගින් සංඛ්‍යාව 10,886කට අධික බව සෞඛ්‍ය අංශ වාර්තා සඳහන් කරනවා.
