සජබෙ ට සහය දක්වන 33 ක් අත්අඩංගුවට

මහනුවර පාතහේවාහැට මැතිවරණ කොට්ඨාසයේ සමගි ජන බලවේගය අපේක්ෂකයන් හට සහයෝගය පළකරමින් රථ වාහන පෙළපාළියක් යාමට සූදානම්ව සිටි 33 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එමෙන්ම ඒ සඳහා සූදානම්කර තිබූ වාහන 08 ක්ද අම්පිටිය ප්‍රදේශයේදී මහනුවර මූලස්ථාන පොලීසිය විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

අපේක්ෂකයන්ගේ රුව මෙන්ම විවිධ කොඩි ඇතුළු සැරසිලි කොට තිබූ වාහන මෙලෙස තම භාරයට ගත් බවත්, මේ වනවිට ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීම් සිදුකරන බවත් මහනුවර මූලස්ථාන පොලීසිය වැඩිදුරටත් පවසනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *