බස් රථ අනතුරෙන් 41 ක් ජීවිතක්ෂයට

මෙක්සිකෝවේ බස් රථයක් අනතුරට පත් වීමෙන් පුද්ගලයින් 41 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
කැන්කුන් සිට ටබස්කෝ දක්වා ගමන් කරමින් තිබූ මෙම බස් රථය ට්‍රක් රථයක ගැටී මෙම අනතුර සිදුව තිබෙන අතර, අනතුරින් පසු බස් රථය ගිනි ගෙන විනාශ වී ඇති අතර, අනතුරට පත්වන අවස්ථාවේදී බස් රථයේ මගීන් 48 දෙනෙකු සිටි බවත් වාර්තා වෙනවා.
අනතුරින් පසු මියගිය පිරිසගේ අනන්‍යතාව හඳුනාගැනීමට එරට බලධාරීන් පරීක්ෂණ සිදුකරමින් පවතින බවත්, අනතුර සම්බන්ධවද විමර්ශනයක් ආරම්භ කර ඇති බවත්, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර තිබෙනවා.
