එයාර්පෝර්ට් එකෙන් මතුවුණු ලක්ෂ 53 සිගරට්

විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධි ලෙස මෙරටට ආනයනය කර කටුනායක ගුවන්තොටුපොළින් රැගෙන යමින් සිටි ගුවන් මගියෙකු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද අලුයම අත්අඩංගුවට ගත් බව වාර්තා වෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපුරය ප්‍රදේශයේ පදිංචි 29 පුද්ගලයෙකි.
ඔහු විසින් රැගෙන ආ දුම්වැටි 38,800 ක් අඩංගු දුම්වැටි කාටූන් 179 ක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් සිය භාරයට ගෙන ඇති අතර, එහි වටිනාකම රුපියල් පනස් තුන් ලක්ෂ හැත්තෑ දහසකට ආසන්න බවද සඳහන් වෙනවා.
අදාළ ගුවන් මගියා පොලිස් ඇප මත නිදහස් කර ඇති අතර, ඔහු සඟවා ගෙන පැමිණි මෙම දුම්වැටි තොගය එළැඹෙන 05 වැනිදා මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.