ඇමෙරිකාවට ලොකු අභියෝගයක්

අමෙරිකාව සමග ඕනෑම ආකාරයේ යුද්ධයකට සූදානම් බව චීනය පවසන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් චීනය ඉලක්ක කර ගනිමින් වෙළෙඳ භාණ්ඩ සඳහා වන බදු ඉහළ නැංවීම පිළිබඳ අප්‍රසාදය පළ කරමින් වොෂිංටන්හි චීන තනාපති කාර්යාලය මෙම අනතුරු ඇඟවීම සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
අමෙරිකාවට අවශ්‍ය වන්නේ යුද්ධයක් නම් එය වෙළෙඳ හෝ වෙනත් කුමන ආකාරයකින් වුවද එහි අවසානය සනිටුහන් කිරීමට චීනය සූදානම් බව චීන තනාපති කාර්යාලය සිය ඞ ගිණුමේ සටහනක් තබමින් ද සඳහන් කර තිබෙනවා.
මේ අතර මේ වසරේදී චීන රජයේ ආරක්ෂක වියදම් සියයට 7.2 කින් ඉහළ නංවන බවට චීන අග්‍රාමාත්‍ය ලීක් කියෑන්ග් පසුගියදා ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා.
