ඉදිරියේදී ලොකු අවධානමක්

2025 ජනවාරි මාසයේදී ප්‍රකාශයට පත් කරන ලද විදුලි ගාස්තු සංශෝධනයේ දී අපේක්ෂිත ප්‍රමාණයට වඩා පහළට ගැළපීම හේතුවෙන්, මීට පෙර ඇස්තමේත්තු කළ ප්‍රමාණයට වඩා ගැඹුරු අවධමනයක් ඉදිරියේ දී සිදුවිය හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.
කෙසේ වෙතත්, 2025 වර්ෂයේ මැද සිට උද්ධමනය ධනාත්මක විය හැකි බවත්, සුදුසු ප්‍රතිපත්ති ගැළපීම් මගින් සහාය වන මධ්‍ය කාලීනව 5% ක ඉලක්කගත මට්ටම කරා ළඟා වනු ඇති බවට බලාපොරොත්තු වෙන බවත්, මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරනවා.
කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ (CCPI) වාර්ෂික වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2024 දෙසැම්බර් මාසයේදී අඛණ්ඩව සිව්වන මාසයටත් ඍණාත්මකව පැවතුණා. ඒ අනුව, ඉල්ලුමේ පීඩනය අඩු වුවත්, විදුලි ගාස්තු සහ දේශීය ඉන්ධන මිල ගණන් පහළ මට්ටමට සංශෝධනය කිරීම මෙයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බව මහ බැංකුව පවසනවා.