අමෙරිකානු ඩොලර් බිලියනයක ආධාර පැකේජයක්

මෙරට සංචාරයේ යෙදී සිටින ලෝක බැංකු සභාපති අජේ බංගා (Ajay Banga) මහතා ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියනයක ආධාර පැකේජයක් ලබාදෙන බව පවසා තිබෙනවා.

වසර තුනක් තුළ මෙම ආධාර පැකේජය ලබා දීමට කටයුතු කරන බවත්, ඒ තුළින් රැකියා සහ ආයෝජන සඳහා ඉහළ විභවයක් ඇති අංශ වන බලශක්තිය, කෘෂිකර්මාන්තය, සංචාරක සහ කලාපීය සංවර්ධනය ඉලක්ක කර ගනිමින් බවත්, ලෝක බැංකු සමූහයේ විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබෙනවා.

ලෝක බැංකු සමූහයේ සභාපති අජේ බංගා මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර ඊයේ (07) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවති හමුවෙන් පසුව මේ බව නිවේදනය කර තිබෙනවා.

එම නිවේදනයේ සඳහන් පරිදි ඉදිරි දශකය තුළ තරුණයින් මිලියනයකට ආසන්න සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායට ඇතුළු වනු ඇති බව ලෝක බැංකුව ඇස්තමේන්තු කර ඇති නමුත්, එම කාලය තුළ රැකියා 300,000 ක් පමණ නිර්මාණය වනු ඇති බවට පුරෝකථනය කර තිබෙන බව සඳහන් වෙනවා.

සම්පූර්ණ නිවේදනය පහතින්,

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *