මැතිවරණ පැමිණිලි අතරේ අපේක්ෂකයෙක් ඇතුළට

2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව මැතිවරණ පැමිණිලි දිනෙන් දින ඉහළ යමින් පවතින අතර, ඒ අනුව මෙවර මැතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයෙකු ඊයේ 08 අත්අඩංගුවට ගෙන තිබෙන බව වර්තා වෙනවා.
මේ අතර, පසුගිය මාර්තු මාසයේ 3 වන දින සිට මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත අපේක්ෂකයින් ගණන 13 ක් වන අතර, ඒ සමග පක්ෂ ආධාරකරුවන් 42 ක් සහ වාහන 11 ක් ද පොලීස් භාරයට ගෙන තිබෙනවා.
ඊයේ 08 උදෑසන 6 සිට අද 06 උදෑසන 6 දක්වා කාලය තුළ මැතිවරණයට අදාළ අපරාධමය පැමිණිල්ලක් ලැබී තිබෙන අතර, විශේෂයෙන් ම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ පැමිණිලි 12 ක් ලැබී ඇති බව පොලීසිය සඳහන් කරනවා.
ඒ අනුව, මාර්තු 3 වන දින සිට අද දක්වා වාර්තා වී ඇති සමස්ත අපරාධමය පැමිණිලි ගණන 24 ක් වන අතර, එම කාලය තුළ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම්වලට අදාළ පැමිණිලි 99 ක් ද වාර්තා වී තිබෙන බව වාර්තා වෙනවා.
