රජයේ රැකියාවකට යන්න අවස්ථාවක්

රාජ්‍ය සේවයේ පුරප්පාඩු 2,003 දෙනෙක් බඳවා ගැනීම් සිදු කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙන බව වාර්තා වෙනවා.

රාජ්‍ය සේවයේ බඳවාගැනීමේ ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්ය මණ්ඩලය කළමනාකරණය සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලද නිලධාරී කමිටුවේ දෙවන වාර්තාව ඉදිරිපත් කර තිබෙනවා.

එම වාර්තාව මගින් අමාත්‍යංශ 11 ක් යටතේ පවතින ආයතනවල සහ පළාත් සභා 05 ක පවතින පුරප්පාඩු 4,987ක් අතුරින් පුරප්පාඩු 2,003 ක් සඳහා බඳවා ගැනීම් සිදු කිරීමට නිර්දේශ ඉදිරිපත් කර තිබෙන බව සඳහන් වෙනවා.

ඒ අනුව, අදාළ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අග්‍රාමාත්‍යවරිය විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *