විපක්ෂ නායකට අධිකරණයෙන් තීන්දුවක්

සිංගප්පුරු විපක්ෂ නායක ප්‍රිතම් සිං පාර්ලිමේන්තුව හමුවේ අසත්‍ය ප්‍රකාශ සිදුකිරිමේ චෝදනාවකට වරදකරු වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තු කමිටුවක් හමුවේ සිදුකළ ප්‍රකාශයක් අසත්‍ය තොරතුරු මත පදනම්ව සිදුකර ඇති බවට එරට අධිකරණයක් විසින් තීන්දු කර තිබෙනවා.

මෙම තීරණයත් සමග ඔහුට මේ වසරේ දී පැවැත්වෙන මහා මැතිවරණය සඳහා තරග කිරීමේ අවස්ථාව ද අහිමි වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

චෝදනාව සම්බන්ධයෙන් වරදකරුවීම හේතුවෙන් ඔහුට සිංගප්පූරු ඩොලර් දස දහසක දඩයක් හෝ වසරක සිරදඬුවමක් නියම වනු ඇති බවද සඳහන් වෙන අතර, 48 හැවිරිදි සිංගප්පුරු විපක්ෂ නායක සිප්‍රීතම් සිං 2021 වසරේ පාර්ලිමේන්තු කාරක සභාවක් හමුවේ සිදුකළ ප්‍රකාශයක් මෙම සිදුවීමට හේතුවී තිබෙන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *