සෑම පවුලකටම වෛද්‍යවරයෙක්

පවුලේ වෛද්‍යවරයා සංකල්පය මෙරටට හඳුන්වා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
ප්‍රාථමික සෞඛ්‍ය සේවා ශක්තිමත් කර ජනතාවට වඩාත් කාර්යක්ෂම සේවාවක් සැපයීම මෙහි අරමුණ බව, සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුණි මහතා සඳහන් කරනවා.
මේ යටතේ ග්‍රාම නිලධාරී වසම් 3 කට එක් වෛද්‍යවරයෙකු බැගින් අනියුක්ත කෙරෙන අතර ඒ සඳහා වෙනම මධ්‍යස්ථානයක්ද ස්ථාපිත කෙරෙනවා.
ඒ වගේම එහි පළමු අදියර ගාල්ල හා මාතලේ දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා පවසනවා. ඒ සඳහා මෙවර අයවැයෙන් මුදල් වෙන් කර ඇති බව නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුණි මහතා ප්‍රකාශ කරනවා.
