සමාජයේ සැරිසරණ ව්‍යාජ නිවේදනයක්

ආදරවන්තයින්ගේ දිනය වන අද (14) දින පාසල් සහ උපකාරක පන්ති නොපැවැත්වෙන බවට සංසරණය වන ව්‍යාජ පුවත සම්බන්ධයෙන් රජය විසින් කරුණු පැහැදිලි කරමින් නිවේදනයක් නිකුත්කර තිබෙනවා.
එහි දැක්වෙන්නේ ව්‍යාජ ලෙස සැකසූ අධ්‍යාපන අමාත්‍යාංශ ලිපි ශීර්ෂයක් යටතේ, අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාගේ යැයි හැගෙන ව්‍යාජ අත්සනකින් යුතුව මෙම ලිපිය සකස්කර ඇති බවයි.
එම ලිපියට අනුව අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ උපදෙස් මත අද (14) දින දිවයිනේ සියලු පාසල් සහ උපකාරක පන්ති නොපැවැත්වෙන බව දන්වා තිබෙනවා.
ඒ අනුව එම ලිපියේ සඳහන් පුවත අසත්‍ය බව මෙම නිවේදනයේ සඳහන්කර තිබෙනවා.