වසර සියයකට වඩා පරණ මංගල්‍යයක්

කච්චතිව් දූපතේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය මෙවර මාර්තු 14 හා 15 දෙදින තුළ පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බවත්, මෙවරද මෙම දේව මංගල්‍යයට ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ශ්‍රම තාක්ෂණික හා සම්පත් දායකත්වය ලබාදෙනු බවත් වාර්තා වෙනවා.

යාපනයට කිලෝමීටර 64 ක් පමණ දුරින් නිරිත දෙසින් පිහිටි කච්චතිව් දූපතේ පැවැත්වෙන මෙම මංගල්‍යය වසර සියයකට වැඩි ඉතිහාසයකට හිමිකම් කියනු ලබනවා.

වර්ග කිලෝමීටර 1.15 ක් පමණ කුඩා දූපතක් වන මෙම දූපත ලාංකීය දූපත් සමූහයේ ලංකාවට දුරින්ම හා ඉන්දියාවට ඉතා ආසන්නව පිහිටා ඇති දූපත ලෙස සැලකෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *