ඇල්ල සංචාරක නගරය ආසන්නයේ ගින්නක්

ඊයේ ඇල්ල සංචාරක නගරය ආසන්නයේ ඇති ඇල්ල කන්ද (Ella Rock) ප්‍රදේශයේ හටගත් ගින්න රාත‍්‍රිය වනතුරුත් ඇල්ල කදුවැටිය පුරාවටම පැතිරයාමේ අවදානමක් ඇතිව තිබෙනවා.

රාත‍්‍රිය වන තුරුත් ගින්න නිවාදැමීම සඳහා බණ්ඩාරවෙල වන සංරක්ෂණ නිලධාරින්, ඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා දියතලාව ගුවන් හා යුද හමුදා නිලධාරින් දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවූ බව සඳහන් වෙනවා.

සුළං තත්ත්වය සහ අධික බෑවුම හේතුවෙන් ගින්න පාලනය කිරීම දැඩිලසෙ අපහසු වී තිබෙනන අතර, වනජීවි කලාපයට ඉහළින් ඇති වනසංරක්ෂණ කලාපයට ගින්න ඇතුළු වීම වැළැක්වීමට වන වගා මායිම වනසංරක්ෂණ නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් ගිනි පටි කපා තිබෙනවා.

ගින්න ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයට ළඟාවීම පාලනය කිරීමට බණ්ඩාරවෙල මහ නගර සභාවේ ගිනිනිවන රථවල සහය ලබාගැනීමට ද කටයුතු කළ බව සඳහන් වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *