කොංගෝ නදියේ යාත‍්‍රාවක ගින්නක්

ප්‍රජාතන්ත්‍රවාදී කොංගෝ ජනරජයේ මගී ප්‍රවාහන යාත්‍රාවක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 50 කට වැඩි පිරිසක් මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
කොංගෝ නදියේ දී ගමන්කරමින් සිටියදී එම අනතුර සිදු වී තිබෙන බව සඳහන් වෙනවා.
කෙසේ වෙතත්, ගින්න ඇතිවන අවස්ථාවේ එහි මගීන් 300 කට වැඩි පිරිසක් සිට ඇති අතර, එහිදී අතුරුදන්වූවන් සොයා දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා.