හිටපු ජනාධිපතිවරයෙක් අත්අඩංගුවට

පිලිපීනයේ හිටපු ජනාධිපතිවරයෙකු වන රොඩ්රිගෝ ඩුටර්ටේ අත්අඩංගුවට ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් වරෙන්තුවක් ලැබුණු බව, පිලිපීන රජය ප්‍රකාශ කිරීමෙන් පසු හොංකොං සිට පැමිණි හිටපු ජනාධිපතිවරයා මැනිලා ගුවන් තොටුපළේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව සඳහන් වෙනවා.
ඩුටර්ටේ සිය ධුරයේ සිටි කාලය තුළ, පුළුල් හා කුරිරු මත්ද්‍රව්‍ය විරෝධී මර්දනයකට නායකත්වය ලබා දී ඇති අතර, පොලිස් දත්ත වලට අනුවල 6,000 කට වැඩි පිරිසක් ඝාතනය කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන අතර, ස්වාධීන නිරීක්ෂකයින් විශ්වාසය පළ කරන්නේ, ඩුටර්ටේගේ නීති විරෝධී ඝාතන සංඛ්‍යාව තවත් වැඩි විය හැකි බවයි.
මේ සම්බන්ධව මින් පෙර අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා පවසා තිබුණේ, තමන් අත්අඩංගුවට ගැනීමට ඉඩ ඇති බවට පළ වූ වාර්තාවලට අනුව තමන් සිරගෙට යාමට පවා සූදානම් බවයි.
