ලංකාව ගැන දැඩි ප‍්‍රසාදයක්

ශ්‍රී ලංකාව අත්කරගෙන තිබෙන කැපී පෙනෙන ප්‍රගතිය පිළිබඳව තමන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතූ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා පවසනවා.

ජනාධිපති අනුර දිසානායක මහතා සමග වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැති වූ හමුව ගැන සිය X ගිණුමේ සටහනක් තබමන් ඇය මේ බව පවසා තිබෙන අතර, එහි ඇය වැඩිදුරටත් දක්වා ඇත්තේ, ආයෝජන ආකර්ෂණය කරගැනීම හා ජීවන තත්වයන් ඉහළ නැංවීම සඳහා ජනාධිපවරයා සමග සාකච්ඡා කළ බවයි.

එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මගපෙන්වීම යටතේ අඛණ්ඩ ප්‍රතිසංස්කරණවල වැදගත්කම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කළ බව ඇය සිය X ගිණුමෙන් දන්වා සිටිනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *