ඇමෙරිකවෙන් තායිවානයට ලැබුණු සුපිරි තෑගි

දිගු කාලීන ආයුධ ගනුදෙනුවක ප්‍රතිපලයක් ලෙස තායිවානයට F-16C/D වර්ගයේ ප්‍රහාරක යානා කිහිපයක් ලැබී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.
අමෙරිකාවේ දකුණු කැරොලිනාවේ ග්‍රීන්විල් හි ලොක්හීඩ් මාටින්ගේ කර්මාන්ත ශාලාවේ පැවති බෙදා හැරීමේ උත්සවයක දී තායිවානය ඉකුත් දා එක්සත් ජනපදයෙන් දිගු කාලීනව බලා සිටි 66 F-16C/D බිලොක් 70 ජෙට් යානා වලින් පළමුවැන්න ලබා ගත් බව සඳහන් වෙනවා.
තායිවාන මාධ්‍ය වාර්තා වලට අනුව, එරට ජාතික ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය Po Horng – huei සහ අමෙරිකාවේ නියෝජිත Alexander Yui මෙම අවස්ථාවට සහභාගී වී තිබෙන අතර, එක්සත් ජනපද නියෝජිත විලියම් ටිමන්ස් තායිවානයේ ගුවන් ආරක්ෂක හැකියාවන්ට සහය දැක්වීම ගැන ආඩම්බර වන බව පවසා තිබෙන බව සඳහන් වෙනවා.
කෙසේ වෙතත්, තායිවානය වෙත ලබා දුන් F-16C/D Block 70 ජෙට් යානා වලට, F-16V යානා වලට සමාන හැකියාවන් ඇති අතර, මෙම ජෙට් යානා තායිවානයේ අලුතින් පිහිටුවන ලද 7 වන උපායික ප්‍රහාරක අංශයට පැවරෙන බව තායිවාන මාධ්‍ය සඳහන් කර තිබෙනවා.
