කාලෙකට පස්සේ වාර්තාගත වෙන සුපිරි ජයක්

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 174 ක දැවැන්ත ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (14) සමත්වුණා.

ලකුණු පරතරය අනුව ගත්විට, මෙය ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ ඔස්ට්‍රේලියාවට එරෙහිව ලැබූ දැවැන්තම එක්දින තරග ජයග්‍රහණය ලෙස වාර්තා අතරටද එක්වූ බව වාර්තා වෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම ලබාදුන් ලකුණු 282 ක දැවැන්ත ඉලක්කයට පිළිතුරු ලෙස ඔස්ට්‍රේලියාවට පන්දුවාර 24.2 කදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 107 ක් පමණයි. මෙය එක්දින තරගයකදී ශ්‍රී ලංකාව හමුවේ දැවීගිය දෙවන අඩුම ලකුණු සංඛ්‍යාව වෙනවා.

කෙසේ නමුත් මෙය, ආසියානු තණතීරුවකදී ඔස්ට්‍රේලියාව දැවීගිය අඩුම ලකුණු සංඛ්‍යාව ලෙස ද වාර්තා අතරට එක්වෙනවා.

මීට පෙර ඔවුන් ආසියාවේදී දැවීගිය අඩුම ලකුණු සංඛ්‍යාව වන්නේ මීට වසර 40 කට පෙර එනම් 1985 වසරේදී ඉන්දියාව හමුවේ ලකුණු 139 කට දැවීයාමයි.

ශ්‍රී ලංකාව ලැබූ මෙම ජයත් සමග තරග 2 කින් යුත් තරගාවලිය තරග 2-0 ක් ලෙසින් ජය ගත් අතර, පරාජිත ඔස්ට්‍රේලියානු ඉනිමේ ඉහළම ඉනිම නායක ස්ටීවන් ස්මිත් විසින් ලබාගත් අතර, ඔහු ලකුණු 29 ක් රැස්කිරීමට සමත් විය.

ඒ වගේම, අද තරගයට කැඳවූ ප්‍රහාරාත්මක පිතිකරු ග්ලෙන් මැක්ස්වෙල්ගේ ඉනිම එක් ලකුණකට සීමාවීමත් විශේෂත්වයකි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිතර වූ දුනිත් වෙල්ලාලගේ ලකුණු 35 කට කඩුලු 4ක් දවාගත් අතර, මෙම තරගයේදීම ශ්‍රී ලංකා ජයග්‍රහණයට සාර්ථක ආරම්භය ලබාදුන් අසිත ප්‍රනාන්දු ලකුණු 23 කට කඩුලු 3 ක් දවාගත් බව සඳහන් වෙනවා.

ආරම්භක පිතිකරු යුගලය ඇතුළු පළමු කඩුලු තුනම අසිත සතු කර ගැනීමට සමත් වුණා. මීට අමතරව වනිඳු හසරංග ද ලකුණු 23 කට කඩුලු 3 ක් දවාගනු ලැබුවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *