විශේෂ නියෝජිතයින් පිරිසක් ලංකාවට

ශ්‍රී ලංකාවට ලබාදෙන GSP+ බදු සහනය සමාලෝචනයට යුරෝපා සංගමයේ නියෝජිතයින් පිරිසක් ලබන සතියේ දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වෙනවා.
විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අද 15 පාර්ලිමේන්තුවේදී මේ බව ප්‍රකාශ කර තිබෙනවා.
මේ අතර, සයිප්‍රස් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉතා ඉක්මනින් විවෘත කරන බවත්, ඒ සඳහා අවශ්‍ය මුදල් වෙන් කර ඇති බවත්, විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් ප‍්‍රකාශ කර තිබෙනවා.
