මුහුණට මුහුණ සිදුවූ අනතුර

වවුනියාවල පූන්තෝට්ටම් ප්‍රදේශයේදී මෝටර් රථයක් හා යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටී බිහිසුණු අනතුරක් සිදුව තිබෙන බව වාර්තා වෙනවා.
අනතුරින් පසුව යතුරුපැදිය සහ මෝටර් රථ සම්පූර්ණයෙන් ගිනිගෙන විනාශ වී ඇති බවත්, යතුරුපැදිය මෝටර් රථයේ ගැටීමෙන් අනතුරුව ගිනිගෙන ඇති බව පොලීසිය පවසනවා.
අනතුරින් යතුරුපැදිකරුට සුළු තුවාල සිදුව ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
