ගාසා තීරයට දැඩි ප‍්‍රහාරයක්

ඊශ්‍රායල හමුදා දියත් කර ඇති මිසයිල ප්‍රහාර වලින් ගාසාහි නියෝජ්‍ය අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මහමුද් අබු – අෆා ඇතුලු පලස්තීනුවන් දෙසීයකට අධික සංඛ්‍යාවක් මිය ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
හමාස් සංවිධානයට අයත් ත්‍රස්ත ඉලක්ක වෙත මෙම මිසයිල ප්‍රහාර මාලාව එල්ල කළ බව, සටන් විරාම සාකච්ඡා බිඳ වැටීමෙන් පසු ගාසා තීරයට එල්ල වූ විශාලම ප්‍රහාරය මෙය වෙනවා.
සටන් විරාමය දීර්ඝ කිරීම සඳහා පැවති සාකච්ඡාවල කිසිඳු ප්‍රගතියක් නොවීම හේතුවෙන් තමන් ප්‍රහාර එල්ල කිරීමට නියෝග කළ බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කරනවා.
