ට‍්‍රම්ප්ගේ තීරණයට අධිකරණ තහනමක්

එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන ඒජන්සියේ (USAID) සේවකයින් 2,200 ක් වැටුප් සහිත නිවාඩු මත තැබීමේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරණයට අමෙරිකානු අධිකරණයක් තාවකාලිකව තහනමක් පවනා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
දහස් ගණනක් කාර්යමණ්ඩලය නිවාඩු මත තැබීමේ සැලැස්ම අභියෝගයට ලක් කරමින් වෘත්තීය සමිති විසින් ගොනු කරන ලද නඩුවක් විභාගයට ගැනීමෙන් අනතුරුව මෙම තහනම් නියෝග නිකුත් කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා.
එක්සත් ජනපද රජයේ ප්‍රධාන විදේශ සංවර්ධන අංශය වන එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන ඒජන්සියේ පුද්ගලයින් 10,000 ක් පමණ සේවය කරන අතර, ඔවුන්ගෙන් තුනෙන් දෙකක් විදේශයන්හි සේවය කරණු ලබන බව සඳහන් වෙනවා.