දිවි සැරිය නිමා කළ ඔහු ගැන බිඳක්

අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෛයි සේනාධිරාජා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එළැඹෙන ඉරිදා දින යාපනය, මාවිට්ටිපුරම් ප්‍රදේශයේ දී සිදුකිරීමට නියමිත බව වාර්තා වෙනවා.

ඉලංකෙයි තමිල් අරසු පක්ෂයේ අනුශාසක සහ දේශපාලන කණ්ඩායම් නායකයාව සිටි මාවෛයි සේනාධිරාජා මහතා, නිවසේදී සිදුවූ හදිසි අනතුරක් හේතුවෙන් යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වුණා.

මියයන විට ඒ මහතා 82 වන වියේ පසුවුණු ඒ මහතා ගැන පවසනවා නම්,

1942 වසරේ ඔක්තෝබර් 27 වනදා යාපනය මාවිට්ටිපුරම් ප්‍රදේශයේදී උපත ලද මාවෙයි සේනාධිරාජා මහතා සිය මූලික අධ්‍යාපනය හදාරනු ලැබුවේ යාපනය නඩේශ්වරා විද්‍යාලයෙන් වන අතර, මූලික අධ්‍යාපනයෙන් පසුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් බාහිර උපාධිය සම්පූර්ණ කළ කර, 1966 වසරේ දෙමළ ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් දේශපාලනයට පිවිස තිබෙනවා.

එවක යාපනයේ පැවති දේශපාලන ගැටුම්වලට සිදුකළ සෘජු මැදිහත්වීම් හේතුවෙන,් 1969 සිට 1983 දක්වා වූ කාලයේ අවස්ථා කිහිපයකදී ඔහු සිරගත වුණූ බවත් සඳහන් වෙනවා.

30 වසරක සිවිල් යුද සමය පුරාම ක්‍රියාකාරී දේශපාලන නායකයෙකු ලෙස කටයුතු කළ සේනාධිරාජා මහතා, රජයේ පාර්ශ්ව සහ එල්.ටී.ටී.ඊ. සංවිධානය සමඟ සාකච්ඡා කරමින් ජනතාවගේ ගැටලු විසඳීමට සෘජුව මැදිහත් වූ චරිතයක් ලෙස හඳුන්වනවා.

දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් 2001 වසරේ මුල්වරට පාර්ලිමේන්තු වරම් දිනාගත් සේනාධිරාජා මහතා එතැන් සිට 2020 වසර දක්වා අඛණ්ඩව පාර්ලිමේන්තුව නියෝජනය කළා.

උතුරු නැගෙනහිර දෙමළ දේශපාලන පක්ෂවල එකතුවෙන් සැදුම්ලත් දෙමළ ජාතික සන්ධානය නියෝජනය කළ ප්‍රධාන දේශපාලන පක්ෂය වූ ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායකයා ලෙසද 2014 වසරේ මාවෙයි සේනාධිරාජා මහතා පත්වූ අතර, එතැන් සිට 2014 වසර දක්වා වසර 10 ක් එම පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ ඒ මහතා, 2024 පක්ෂ නායකත්වයෙන් ඉවත්වීමෙන් පසු මියයන තුරුම ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ අනුශාසක සහ දේශපාලන කණ්ඩායම් නායකයා ලෙස කටයුතු කළා.

ඉකුත් වසරේ ඔක්තෝබර් මස හෘදයාබාධයක් හේතුවෙන් රෝහල් ගතව ප්‍රතිකාර ලබාගත් සේනාධිරාජා මහතා, පසුගිය 28 වනදා නිවසේ ඇදවැටීමෙන් හිසට සිදුවූ තුවාල හේතුවෙන් යාපනය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටි අතර, එම අනතුරෙන් සේනාධිරාජා මහතාගේ හිස අභ්‍යන්තරයේ රුධිර වහනයක් සිදු වී තිබූ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *