ශ‍්‍රී ලංකාවට අහිමි වූ බලාපොරොත්තුවක්

චීනයේ නැංජින් නුවරදී අද (21) ආරම්භ වූ ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා ශූරතාවලියේ ශ්‍රී ලංකා පදක්කම් බලාපොරොත්තුවක් මීට සුළු වේලාවකට පෙර බිඳ වැටුණු බව වාර්තා වෙනවා.

මෙම ශූරතාවලියේ පිරිමි මීටර 60 ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට චමෝද් යෝධසිංහ සමත්ව තිබුණු අතර, ඔහු සහභාගි වූ අවසන් පූර්ව වටයේ දෙවන තරගය මෙරට වේලාවෙන් ප.ව. 5.33 ට පැවති අතර, එහිදී ඔහුට අවසන් ස්ථානයෙන් සෑහීමට සිදුව තිබෙනවා.

තරගය අවසන් කිරීම සඳහා චමෝද් තත්පර 6.70 ක කාලයක් වාර්තා කර තිබෙන අතර, මෙම වටයේ පළමු ස්ථානය අමෙරිකානු ක්‍රීඩකයෙකුට හිමි වූ අතර, ඔහු තත්පර 6.51 කින් තරගය අවසන් කර තිබෙනවා.

එමෙන්ම දෙවන ස්ථනය තත්පර 6.54 කින් තරගය අවසන් කළ ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයෙකුට හිමිවුණා. ඒ අනුව ඔවුන් දෙදෙනාම අවසන් මහා තරගය සුදුසුකම් ලබාගෙන තිබෙනවා.

මෙම ඉසව්වේ මූලික වටයේදී චමෝද් තත්පර 6.70 කින් අවසන් කර එම අදියරේ තෙවන ස්ථානය පත්ව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත් බව වාර්තා වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *