උපරිම සිල්ලර මිලක් නියම කරලා

බෝතල්කළ පානීය ජලය සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
එම ගැසට් නිවේදනයට අනුව,
මි.ලී. 500 – රු. 70
ලීටර 1 – රු. 100
ලීටර 1.5 – රු. 130
ලීටර 2 – රු. 160
ලීටර 5 – රු. 350
ලෙස උපරිම සිල්ලර මිලක් නියම කර තිබෙනවා.
ඒ අනුව, අප්‍රේල් මස 01 වනදා සිට කිසිම නිෂ්පාදකයෙකු, අසුරන්නෙකු, වෙළෙන්දෙකු හෝ බෙදාහරින්නෙකු විසින් මෙරට බෝතල්කළ පානීය ජලය උපරිම සිල්ලර මිලට වැඩියෙන් වෙළෙඳාම් කිරීම, වෙළෙඳාම් කිරීම සඳහා ඉදිරිපත් කිරීම හෝ වෙළෙඳාම සඳහා ප්‍රදර්ශනය කිරීම නොකළ යුතු බව එම නිවේදනයේ දැක්වෙනවා.
