මන්ත‍්‍රී නාමල්ගෙන් යුද විරුවන් වෙනුවෙන් පණිවුඩයක්

මෙරට යුද විරුවන්ට එරෙහිව එක්සත් රාජධානිය විසින්, සම්බාධක පැනවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය X ගිණුම මගින් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.
ඔහු එහි දක්වා ඇත්තේ එක්සත් රාජධානියේ නවතම සම්බාධක මානව හිමිකම් ගැන නොව ඛඔඔෑයේ සහාය ලත් අයගේ අඛණ්ඩ බලපෑම්වල ප්‍රතිඵලයක් බවයි.
එමෙන්ම මෙය යුක්තිය නොව ඇතැම් බටහිර දේශපාලනඥයන් මුදල් හරහා බලපෑම් කරමින්, වරප්‍රසාද භුක්ති විඳිමින්, අපේ ජාතියේ සංහිඳියාව අවදානමට ලක්කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.
විශේෂයෙන් ම අද අප භුක්ති විඳින නිදහස, දැඩි තීරණවලින් ලබාගත් එකක් බව උතුරේ සහ දකුණේ ජනතාව තේරුම් ගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරනවා.
මෙම සම්බාධක මගින් අපගේ හමුදාවන්ගේ චිත්ත ධෛර්යය පහත හෙළනු ඇති බවත්, එවැනි තවත් අර්බුදයක් ඇති වුවහොත් හමුදාවන්ට සටන් කිරීමට ධෛර්යයක් නොමැති විය හැකි බවත් මන්ත්‍රීවරයා සඳහන් කරනවා.
එමෙන්ම මෙම සම්බාධක පිටුපස සිටින පුද්ගලයින් දෙමළ ප්‍රජාවේ ආරක්ෂාව ගැන තැකීමක් නොකර බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙන අතර, ප්‍රජාවන් අතර සංහිඳියාවට බාධා කිරීමට කිසි විටෙකත් කිසිවෙකුට ඉඩ නොදෙන බව මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කරනවා.
ඒ වගේම, ඇතැම් ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන හරහා ප්‍රජාවන් අතර බෙදීම් ඇති කිරීම සඳහා වරප්‍රසාද ලබා ගන්නා ඇතැම් දෙමළ දේශපාලනඥයන්ගේ න්‍යාය පත්‍රයට හසු නොවන ලෙස මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා දෙමළ ප්‍රජාවෙන් ඉල්ලා සිටිනවා.
මේ අතර, විදේශීය බලවතුන් ශ්‍රී ලංකාවට සාමය ලබා දුන් අයට පහර දෙන විට රජය ඔවුන් ආරක්ෂා කරනවාද, නැතහොත් නිහඬව සිටිනවාද යන්න පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විමසනවා.
ඒ වගේම, අප විසින් සැමවිටම අපගේ යුද ප්‍රවීණයන් ආරක්ෂා කරන බවත්, ඔවුන්කළ කැපකිරීම් අපගේ සාමය සුරක්ෂිත කළ අතර, ඔවුන්ගේ උරුමය අඩපණ කිරීමට අපි කිසි විටෙකත් කිසිවෙකුට ඉඩ නොදෙන බව පාර්ලිමේ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය X පණිවුඩයේ වැඩිදුරටත් දක්වා තිබෙනවා.