මැතිවරණ කොමිසමෙන් පණිවිඩයක්

2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා මෙවර පිළිගත් දේශපාලන පක්ෂ වලින් හා ස්වාධීන කණ්ඩායම්වලින් අපේක්ෂකයින් 80,000 කට ආසන්න පිරිසක් ඉදිරිපත්ව සිටින බව වාර්තා වෙනවා.

එම පිරිස ඉදිරිපත් වූයේ පිළිගත් දේශපාලන පක්ෂ 107 කින් හා ස්වාධීන කණ්ඩායම් 49 කින් වන අතර, ඉන් සභිකයින් 8500 කට ආසන්න පිරිසක් තෝරාපත් කර ගැනෙනවා.

කෙසේ වෙතත්, නාමයෝජනා භාර ගැනීම ඊයේ දහවල් 12 ට අවසන් වුණා.

විශේෂයෙන් ම ඡන්ද විමසීම සඳහා පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍ර රැසක් ප්‍රතික්ෂේප වී තිබෙන බව සඳහන් වෙනවා.

කෙසේ වෙතත්, එළඹෙන මැයි මස 06 වැනිදා පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන බව මැතිවරණ කොමිසම ඊයේ නිවේදනය කළා.

ඒ වගේම, මැතිවරණ අපේක්ෂකයින්ගේ නම් ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීම ඉදිරි සතිය තුළ සිදු කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *