මේ සැරේ O/L ලියන අයට පණිවිඩයක්

මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනීසිටින මෙතෙක් ජාතික හැඳුනුම්පත් තොරතුරු තහවුරු කිරීමේ ලිපි ලබානොගත් අපේක්ෂකයින්ට අද (15) දිනයේ දී එම ලිපි ලබාගත හැකි බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව, ඔවුන් වෙනුවෙන් ජාතික හැඳුනුම්පත් තොරතුරු තහවුරු කිරීමේ ලිපි නිකුත්කිරීම සඳහා පමණක් අද උදෑසන 8.30 සිට දහවල් 12.30 දක්වා කාර්යාලය විවෘතකර තබන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

මේ සඳහා බත්තරමුල්ලේ පිහිටි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය මෙන්ම, ගාල්ල, කුරුණෑගල, වවුනියාව, මඩකලපුව හා නුවරඑළිය යන දිස්ත්‍රික්කවල පිහිටි පළාත් කාර්යාල දහවල් 12.30 දක්වා විවෘත කර ඇති බව සඳහන් වෙනවා.

මෙ අතර අදාළ ලිපිය http://www.drp.gov.lk දරණ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිස බාගත කිරීමටද අවස්ථාව ලබා දී ඇති බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *