තායිවාන සමුද්‍ර සන්ධියේ යුද අභ්‍යාසයක්

චීන හමුදාව විසින් තායිවාන සමුද්‍ර සන්ධියේ යුද අභ්‍යාසයක නිරත වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඔවුන් එම යුද අභ්‍යාසයේ නිරත වී තිබෙන්නේ, ප්‍රධාන වරායන් සහ බලශක්ති පහසුකම් වලට එල්ල කරන ප්‍රහාරයන්ට එරෙහිව ක්‍රියා කිරීම සඳහා බවයි එම මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.
“Strait Thunder” යන සංකේත නාමයෙන් මෙම අභ්‍යාසය හඳුන්වා දී තිබෙනවා.
කෙසේ වෙතත්, මෙම අභ්‍යාස “තායිවානයේ ස්වාධීනත්වයේ” බෙදුම්වාදී බලවේගවල බරපතල අනතුරු ඇඟවීමක් සහ ප්‍රබල පාලනයක් විය යුතු බව චීනයේ මහජන විමුක්ති හමුදාවේ (PLA) ප්‍රකාශයෙක් පෙන්වා දී ඇති බව සඳහන් වෙනවා.
