පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ම Mobile App එකක්

පළාත් පාලන මැතිවරණයට අදාළ පැමිණිලි ලබාදීම සඳහා නව ජංගම දුරකථන යෙදවුමක් හඳුන්වා දී තිබෙනවා. ඒ, අද (22) දින මැතිවරණ කොමිෂන් සභාවේදීයි.
විධිමත් සහ නව තාක්ෂණික ක්‍රමෝපායන් ඔස්සේ මැතිවරණ පැමිණිලි ඉදිරිපත් කිරීමට අදාළව EC EDR නම් මෙම ජංගම දුරකථන යෙදවුම හඳුන්වාදී තිබෙනවා.
මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා සඳහන් කළේ,
“මහජනතාවට පැමිණිල්ලක් තිබෙනවා නම් දැන් හැකියාව තිබෙනවා මේ ඇප් එක හරහා එය ඉදිරිපත් කරන්න. පැමිණිල්ල කරපු පුද්ගලයාටත් දැනගත්ත පුළුවන් එයාගේ පැමිණිල්ලට මොකද වුණේ කියලා. මේ ඇප් එක හරහා වීඩියෝ, ඡායාරූප තොරතුරු ලබාදීමේ හැකියාවත් තිබෙනවා.”
