හෙට එන්න ඉන්න අයට දැනුම් දීමක්

හෙට 23 දිනයේ “සිරි දළදා වන්දනාව” සිදුකර ගැනීම සඳහා අද (22) සවස 06.00 පමණ වන විට අසූදහසකට අධික සැදැහැවතුන් පිරිසක් මහනුවර නගරය වෙත එක් රැස්ව සිටින බව පොලීසිය පවසනවා.

ශ්‍රී ලංකා පොලීසිය විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ හෙට උදෑසන වන විට එම සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා පැමිණෙනු ඇති බවට අපේක්ෂා කරන බවයි.

එමෙන්ම හෙට දහවල් කාලය වන විට මෙම සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බැවින්, හෙට දිනය හැර තවත් දින 04 ක කාලයක් “සිරි දළදා වන්දනාව” සිදුකර ගැනීමට හැකියාව පවතින් බැවින්, හෙට දිනය මඟහැර ඉදිරි දිනයක් යොදා ගැනීමට කටයුතු කිරීම මගින් සැදැහැවතුන්ට අපහසුතාවයකින් තොරව වන්දනාමාන කර ගැනීමට හැකියාව පවතින බවට පොලීසිය මහජනතාව වෙත දැනුම් දෙනවා.

“සිරි දළදා වන්දනාව” පසුගිය 18 වනදා ආරම්භ කල අතර අද (22) දක්වා කාලය තුල විශාල සැදැහැවතුන් පිරිසක් දළදා වහන්සේ වන්දනාමාන කර තිබෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *