නීති විරෝධීව සේවය හැර ගිය කොටසක් ඇතුළට

මේ වනවිට, නීති විරෝධීව හමුදාව හැරගිය පුද්ගලයින් 875 ක් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙනවා. ඒ ඒ සඳහා ක්‍රියාත්මක මෙහෙයුමෙනි.
ඒ අතර යුධ හමුදාවෙන් පළා ගිය සෙබළුන් 704 ක් හා නිලධාරීන් දෙදෙනෙකු වන බවයි. ඒ වගේම, නාවික හමුදාවෙන් පළාගොස් සිටියදී අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව 73 ක් වන අතර, නීති විරෝධිව ගුවන් හමුදාව හැර ගිය පුද්ගලයින් 100 ක් ද අත්අඩංගුවට පත් අය අතර වෙනවා.
යුධ හමුදා පොලීසිය හා පොලීසිය නීති විරෝධීව හමුදාව හැර ගිය පිරිස් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා.
