නීති විරෝධී මත්ද්‍රව්‍ය රැසක් සමග වැටලූ සාදයක්

සීදුව බෙල්ලාන වත්ත ප්‍රදේශයේදී නීතිවිරෝධී මත්ද්‍රව්‍ය භාවිත කර සාදයක් පැවැත්වූ පුද්ගලයින් 76 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් ෆේස්බුක් ඔස්සේ සංවිධානය වී මෙම සාදය පවත්වා ඇති බවත්, මෙහිදී ඔවුන් අයිස් මත්ද්‍රව්‍ය සහ ගංජා පානය කරමින් සිට ඇති බව පොලීසිය සඳහන් කරනවා.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී, සැකකරුවන් සතුව තිබී කේරල ගංජා සහ නීතිවිරෝධීව මෙරටට ගෙන්වූ සිගරට් තොගයක් දල සොයාගෙන තිබෙන අතර, අත්අඩංගුවට ගත් පිරිස අතර, තරුණියන් 12 දෙනෙකු ඇතුළත් වෙන බව පොලීසිය සඳහන් කරනවා.
