එයාලටත් විශ‍්‍රාම වැටුප් ක‍්‍රමයක්

සංචාරක ක්ෂේත්‍රයේ නිරත පිරිස වෙනුවෙන් දායක විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක් මේ වසර තුළ හඳුන්වාදීමට නියමිත බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් චමින්ද රණසිංහ මහතා පවසනවා.
අද (05) පාර්ලිමේන්තුවේ දී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා විසින් අසන ලද පැනයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, සමාජ සුබසාධන වැඩසටහනක් ද සංචාරක ක්ෂේත්‍රයේ නිරත පිරිස වෙනුවෙන් පැවැත්වීමට නියමිත බවයි.
ඒවගේම, සංචාරක ක්ෂේත්‍රයේ අනාගතය වෙනුවෙන් සංචාරක ආකර්ෂණ 100 ක් මේ වනවිට හඳුනාගනිමින් සිටින බවත් පැවසු නියෝජ්‍ය අමාත්‍යවරයා, එක් ආකර්ෂණයක් සඳහා රු මිලියන 10 බැගින් වෙන්කර එහි මුලික පහසුකම් සංවර්ධනය කිරීමට බලාපොරොත්තු වන බව ද පවසා තිබෙනවා.
මේ අතර, සංචාරකයින් වෙනුවෙන් Rest Centers ඉදිකිරීමට ද රජය මේ වනවිට තීරණය කර ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටිනවා.