කාලෙකට පස්සෙ එළියට ආව ෆොටෝ එකක්

මාසයකට වැඩි කාලයක් නියුමෝනියාව ඇතුළු පෙනහළු ආශ්‍රිත ආබාධවලින් පීඩාවට පත්ව සිටින අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පෙනී සිටින ඡායාරූපයක් මාධ්‍යවලට නිකුත් කර තිබෙනවා.
එම සේයාරුව මාධ්‍යවලට අනාවරණ කෙරුණේ උන් වහන්සේට ආශිර්වාද එක්කිරීමට ළමයින්ගේ සහභාගිත්වයෙන් සංවිධාන කර තිබූ හග් ඔෆ් හෝප් හෙවත් බලාපොරොත්තුවේ වැළඳගැනීම නම් ඉසව්වට සමගාමීව බව සඳහන් වෙනවා.
මේ අතර සුප්‍රකට රෝම මැරතන් තරගාවලිය ආරම්භයේදී පාප් වහන්සේ සිහිකරමින් තත්ත්පර 42 ක නිහඬතාවක් පැවැත්වුණු බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.
