ඝාතනයට පොලිස් කොස්තාපල්වරයෙක්ගෙ සම්බන්ධයක්

මිද්දෙණිය ත්‍රිපුද්ගල ඝාතනය සම්බන්ධයෙන් සැකපිට පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු විසින් සැකකරුවන්ට T-56 ජීව පතුරම් 12 ක් ලබාදී ඇති බවට දැනට සිදු කළ විමර්ශනවලදී අනාවරණ වී ඇති බව පොලීසිය පවසනවා.

අදාළ ඝාතනවලට ආධාර අනුබල දීම හා කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, ජුලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙකි. ඔහු වීරකැටිය පොලීසියට අනුයුක්තව රාජකාරි කර තිබෙනවා.

මිද්දෙණිය ත්‍රිපුද්ගල ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට සැකකරවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *