ගතවූ මාස කිහිපය ගැන පොලිස් වාර්තාවක්

මේ වසරේ ජනවාරි මාසයේ සිට මාර්තු මස 5 වන දා දක්වා වූ කාලසීමාව තුළ වෙඩිතැබීමේ සිද්ධීන් 19 ක් වාර්තා වී තිබෙන බව වාර්තා වෙනවා.
අද (06) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා පවසා සිටියේ ඉන් සිද්ධීන් 12 ක්ම සංවිධානාත්මක කල්ලි විසින් සිදුකර ඇති අතර, ඉතිරි සිදුවීම් 7 යම් යම් පෞද්ගලික ආරවුල් මත සිදුවූ වෙඩිතැබීම් බව ද ඒ මහතා සඳහන් කර තිබෙනවා.
කෙසේ නමුත්, මෙම වෙඩිතැබීමේ සිදුවීම් සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවලින් අනතුරුව ශ්‍රී ලංකා පොලීසිය විසින් සැකකරුවන් 68 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර, වෙඩිතැබීම් සඳහා භාවිත කළ ටී 56 ගිනිඅවි 6ක් ද පොලිස් භාරයට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරනවා.
එමෙන්ම වෙඩිතැබීම් සඳහා භාවිත කළ පිස්තෝල ගිනිඅවි දෙකක් සහ වෙනත් පිස්තෝල ගිනිඅවි 5 ක් ද පොලිස් භාරයට ගෙන ඇති බව බුද්ධික මනතුංග මහතා පවසන අතර, මෙම අපරාධ සඳහා භාවිත කළ යතුරුපැදි 8 ක්, මෝටර් රථ 2 ක් සහ වෑන් රථයක්, ත්‍රීරෝද 2 ක් වසරේ මේ කාලය තුළ පොලිස් භාරයට ගෙන තිබෙන බවත් සඳහන් වෙනවා.
