කෙවින් පීටර්සන්ට තනතුරක්

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන කෙවින් පීටර්සන් එළැඹෙන ‘IPL-2025’ තරගාවලියේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ උපදේශක (mentor) ලෙස පත් කර තිබෙන බව වාර්තා වෙනවා.
උපතින් දකුණු අප්‍රිකානුවෙකු වන පීටර්සන් ටෙස්ට්, එක්දින මෙන්ම 20 – 20 යන ත්‍රිත්ව ආකෘතිය යටතේම එංගලන්තය වෙනුවෙන් විශිෂ්ට දක්ෂතා දැක් වූ ක්‍රීඩකයෙකි.
මේ වනවිට 44 වියෙහි පසුවන පීටර්සන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා විට ලකුණු 13,000 කට වැඩියෙන් රැස්කර තිබුණේ, ශතක 32 ක් සහ අර්ධ ශතක 67 ක් ඇතුළත්වයි.
දිල්ලි කැපිටලස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හේමාං බදානි කටයුතු කරන අතර, සහකාර පුහුණුකරු ලෙස කටයුතු කරනුයේ මැතිව් මොට්ය. ඊට අමතරව පන්දු යැවීමේ පුහුණුකරු ලෙස මුනාෆ් පටෙල්ද, ක්‍රිකට් අධ්‍යක්ෂ ලෙස වෙනුගෝපාල් රාඕද කටයුතු කරන බව වාර්තා වෙනවා.