කාණ්ඩ කිහිපයක් යටතේ විදුලි කප්පාදුවක්

විදුලි බිඳවැටීමත් සමග විදුලි සැපයුම් පද්ධතියේ ඇති වූ තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා අද 10 සහ හෙට 11 දින දෙකේ පැය එකහමාර බැගින් විදුලි කප්පාදුවක් සිදුකිරීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ අනුව පස්වරු 3.30 ත් රාත්‍රී 9.30 ත් අතර කාලය තුළ කාණ්ඩ කිහිපයක් යටතේ දිවයිනේ සියලු ප්‍රදේශ ආවරණය වන පරිදි මෙම විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිත බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කර තිබෙනවා.

මේ සඳහා මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය ලබාගැනීමට නියමිත බවද ඔවුන් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *