මිලියන 60 කටත් වඩා වටින වැටලීමක්

ඉන්දියාවේ සිට මෙරටට නීති විරෝධි ලෙස ගෙනවිත් තිබූ කේරළ ගංජා කිලෝ 350 කට ආසන්න ප්‍රමාණයකින් යුත් පාර්සල් 154 ක් පොලීසිය විසින් අද (22) සිය භාරයට ගෙන තිබෙන බව වාර්තා වෙනවා.

යාපනය යුධ හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත පේදුරුතුඩුව පොලීසිය හා එක්ව සිදුකළ වැටලීමකදී මෙම තොගය සොයාගෙන තිබෙන අතර, මෙම කේරළ ගංජා තොගයේ වටිනාකම රුපියල් මිලියන 60 කට ආසන්න බව පොලීසිය පවසනවා.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන පේදුරුතුඩුව පොලීසිය විසින් සිදුකරනු ලබනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *