අලූත් අවුරුද්දට සහන මල්ලක්

එළැඹෙන සිංහල අලුත් අවුරුදු සමයේ අත්‍යවශ්‍ය ආහාර, සහන මිලකට ලබා දීමට රජය තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා.

ඒ අනුව, වැඩිවූ ජීවන වියදම අඩු කිරීම සඳහා ආධාරක පියවරක් ලෙස දැරිය හැකි මිලකට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට ඉඩ සලසමින් උත්සව සමය සඳහා ආහාර පැකේජයක් ලබාදීමට තීරණය කර තිබෙනවා.

අලුත් අවුරුදු සමයේදී ලංකා සතොස සමාගම හරහා සහල්, ටින් මාළු, පරිප්පු, ළූණු, අර්තාපල් සහ කරවල ඇතුළු වියළි ආහාර සලාකයක් ලබා දීමට යෝජනා කරන බව, අද 17 අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසා සිටියා.

මෙම සලාකය ලබාදීමේ පිරිවැය වෙනුවෙන් රුපියල් මිලියන 1,000 ක මුදලක් අයවැයෙන් වෙන් කිරීමට යෝජනා කර තිබෙන බව සඳහන් වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *