සියලු පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වලින් ඉල්ලීමක්

පළාත් පාලන ආයතන සඳහා තේරී පත් වූ සභිකයින්ගේ තොරතුරු කඩිනමින් ලබාදෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලු පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වලින් ඉල්ලීමක් කර තිබෙනවා.
අදාළ තොරතුරු ලැබුණු විගස සභිකයින්ගේ නම්, පළාත් පාලන ආයතන අනුව ගැසට් මඟින් ප්‍රකාශයට පත් කිරීමට පියවර ගන්නා බව එහි සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පවසනවා.
එමෙන්ම පළාත් පාලන ආයතන මැතිවරණයට අදාළ ආදායම්, වියදම් භාරනොදුන් සියලු අපේක්ෂකයින්, දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්, ලබන 27 ට පෙර එම වාර්තා ලබාදිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් දැනුම් දෙනවා.