ගෞරවාන්විත කඩඉමක්

ICC ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශයට එරෙහිව ඊයේ (20) පැවැති තරගයේදී ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ ලකුණු 11,000 කඩඉම පසුකර යාමට ඉන්දීය නායක රෝහිත් ශර්මාට හැකිවුණු බව වාර්තා වෙනවා.

ඒ අනුව ඔහු මෙම කඩඉම පසුකළ ලොව 10 වන පිතිකරුවා ලෙසත්, එම දස්කම් දැක් වූ 4 වන ඉන්දීය පිතිකරුවා ලෙසත් වාර්තා අතරට එක්වී තිබෙනවා.

ඊයේ තරගයේදී රෝහිත් ලකුණු 41 ක් රැස්කළ අතර, එම ඉනිමත් ඔහු තරග 269 ක ඉනිම් 261 කදී ලබාගත් ලකුණු සංඛ්‍යාව 11029 ක් වුණ බවත්, ඔහු එක්දින ශතක 32 කට හා අර්ධ ශතක 57 කට හිමිකම් කියන බවත් සඳහන් වෙනවා.

ලොව වැඩිම එක්දින ලකුණු රැස්කළ පිතිකරුවා සචින් තෙන්ඩුල්කාර් (18,426) යි. රෝහිත්ට ඉදිරියෙන් සිටින සෙසු ඉන්දීය පිතිකරුවන් වන්නේ විරාට් කෝලි (13,985) හා සෞරව් ගංගුලි (11,363) ය.

විශේෂයෙන් ම රෝහිත්ට ඉදිරියෙන් ශ්‍රී ලංකා පිතිකරුවන් තිදෙනෙක්ද සිටිනවා. ඒ, කුමාර් සංගක්කාර (2/14,234), සනත් ජයසූරිය :5/13,430) හා මහේල ජයවර්ධන (6/12,650) ය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *