ගණේමුල්ලේ සංජීව ඝාතණයට කළ පළිගැනීමක්

කෙහෙල්බද්දර පද්මේගේ පාසල් මිතුරෙකු ඉලක්ක කර ඊයේ (26) මිනුවන්ගොඩදී සිදුවූ වෙඩිතැබීම, ගණේමුල්ල සංජීව ඝාතනයට පළිගැනීමක් බවට පොලීසිය සැක පළකරනවා.
ඒ අනුව, කරන්දෙණිය සුද්දා සහ හීනටියන මහේෂ් නම් අපරාධකරුවන් විසින් එය මෙහෙයවා ඇති බවට පොලීසිය අනුමාන කරනවා.
පාතාල නායක ගණේමුල්ල සංජීව, අලුත්කඩේ අංක 5 මහෙස්ත්‍රාත් අධිකරණයේ විත්ති කූඩුව තුළදී වෙඩි තබාඝාතනය කළේ පසුගිය 19 වැනිදායි. ඝාතනයට සම්බන්ධ වෙඩික්කරු ඇතුළු පුද්ගලයන් දස දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූවද, ගිනිඅවිය රැගෙන ආ ප්‍රධාන සැකකාරිය මෙතෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසියට නොහැකි වුණා.
මේ අතර, මත්ද්‍රව්‍ය ජවාරම්කරුවකු වන කෙහෙල්බද්දර පද්මේගේ පාසල් මිතුරෙකු ඉලක්කර මිනුවන්ගොඩදී ඊයේ උදෑසන වෙඩි ප්‍රහරයක් එල්ල වුණා. එහිදී වෙඩිවැදී රෝහල්ගත කළ පුද්ගලයාගේ තත්ත්වය බරපතළ නොවන බව පොලීසිය පවසනවා.
කෙසේ වුවද, මෙලෙස අවධානමකට ලක් වූ ඔහුද මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත අයෙකු බව පොලීසිය පවසන අතර, ගණේමුල්ල සංජීව ඝාතනයට පළිගැනීමක් ලෙස ඔහුගේ සමීපතමයන් වන හීනටියන සංඛ සහ කරන්දෙණියේ සුද්දා නම් අපරාධකරුවන් විසින් වෙඩිතැබීම මෙහෙයවා ඇති බවට පොලීසිය සැක කරන බව සඳහන් වෙනවා.